යාපනය සරසවි සිසුන්ට වෙඩි තැබීමේ සිද්ධිය : TNA හෙළා දකියි

tna දෙජාසයාපනය සරසවි සිසුන් ඝාතනයවීමේ සිද්ධියට දෙමළ ජාතික සන්ධානය හෙළා දැක තිබේ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සරසවි සිසුන් දෙදෙනාගේ ඝාතන සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බව එම පක්‍ෂය සඳහන් කර තිබේ.

ත්‍රිකුණාමලයදී ඊයේ දින පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා හමුවූ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා සිය අප්‍රසාදය පළ කර ඇති අතර, විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ආර්.සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මේ අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් පරික්‍ෂණයක් සිදුකරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ඉල්ලා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top