SRILANKAN NEWS

විද්‍යා දැරිය ඝාතනය කළේ නාවික හමුදාව – සුවිස් කුමාර්ගේ මල්ලි සාක්‍ෂි දෙයි..

යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා සිසුවිය නාවික හමුදාව විසින් අපයෝජනය කර ඝාතනය කර ඇති බවට සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවේ සිටින එම්. සසීන්ද්‍රන් නැමැත්තා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පවසා තිබේ. ඔහු මෙම ඝාතන නඩුවේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වන සුවිස් කුමාර් නැමැත්තාගේ සහෝදරයෙකු වේ.

විද්‍යා සිසුවියගේ ඝාතන නඩුව යාපනය මහධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන අතර, අද දින විත්තිකරුවන්ගේ පාර්ශවයේ සාක්‍ෂි සටහන් කෙරුණි. එහිදී සාක්‍ෂි ලබා දෙමින් එම්. සසීන්ද්‍රන් නැමැත්තා මේ බව පවසා තිබේ.

සාරතාම්බාල්, දර්ශිනි ඝාතන සිද්ධියේදී නාවික හමුදාව මීට පෙරදී මෙලෙස සිදුකර තිබෙනවා, එය වසන් කිරීමට අපව අත්අඩංගුවට ගෙන ජනතාව අතර අපට විරුද්ධව මතයක් ද පතුරුවා තිබෙනවා. සමාජ වෙබ් අඩවි, මාධ්‍යවලද අපගේ ඡායාරූප පළ කරමින් අපව අපහස කර තිබෙනවා. අපි මෙම අපරාධය නොකළ නිසා තමයි ජීවතුන් අතර සිට්නනේ යැයි ඔහු වැඩ්දුරටත් පවසා තිබේ

– උදයන් –