යාපනය – මණ්ඩයිතිව් ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනෙකු ජීවිතක්‍ෂයට

යාපනය මණ්ඩයිතිව් ප්‍රදේශයේ අද (28) දින සවස සිඳුවූ අනතුරකින් සිසුන් හය දෙනෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබේ. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් අද දින මණ්ඩයිතිව් වෙරළට ගොස් උපන් දින සාධායක් පැවැත්වීමෙන් අනතුරුව එහි තිබූ ධීවර බෝට්ටුවක් රැගෙන මුහුදට ගොස් තිබේ. එහිදී බෝට්ටුව අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ සිසුන් හත් දෙනාගෙන් එක් අයකු පමණක් දිවි බේරාගෙන තිබේ. අනෙකුත් හය දෙනා දියේ ගිලී මිය ගොස් තිබේ.

මිය ගිය සිසුන්ගේ දේහයන් මේ වන විට යාපනය රෝහල වෙත රැගෙන විත් තිබේ. යාපනය නල්ලූර්, කොක්කුවිල් හා උරුම්පරායි ප්‍රදේශයේ පදිංචි මිතුරන් පිරිසක් මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top