පකිස්තානු ජ්‍යෙෂ්ඨ හමුදා දුත පිරිස යුද්ධ හමුදාධිපති හමුවෙයි

පකිස්තානු යුද්ධ හමුදා 11 වන සේනාවේ ආඥාපති ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා ඊයේ (28) දින පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී දැන් පැවැත්වෙන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 හිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හී විශේෂ අමුත්තන්ගේ මැදිරියේ මෙම හමුවිම සිදුවු අතර, දෙරට හමුදාවන් අතර පවතින සුහදත්වය පිළිබඳව මතකයන් අවදි කල සංචාරක ජ්‍යෙෂ්ඨ පකිස්තානු හමුදා නිලධාරි ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් දෙපාර්ශවයට වැදගත් වන අන්නෝන්‍ය කරුණු පිලිබඳව සාකච්ඡාවක නිරත විය.

මෙම හමුව සිහිගන්වනු වස් යුද්ධ හමුදාධිපති සහ පකිස්තානු හමුදා ජෙනරාල්වරයා අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

army.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top