සැබෑ කලාකරුවා ජාතිවාදියෙකු විය නොහැක – මංගල සමරවීර

සැබෑ කලාකරුවා ජාතිවාදියෙකු නොවිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. ඊයේ (28) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති අමරදේව අසපුව මංගල ශිලා ප්‍රතිස්ථානයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පණ්ඩිත් අමරදේවයන් විසින් රටට දායාද කළ සියලු දේ ඉතිහාසයට පමණක් සීමා නොවී අනාගතයේ දී ශ්‍රී ලාංකේය කලාකෙත අස්වැද්දවීමට අමරදේව අසපුව තුළින් හැකියාව ලැබෙන බවත්, සැබෑ කලාකරුවා ජාතිවාදියෙකු නොවිය යුතු අතරම ඔහුට දේශ සීමාවන් ද නොතිබිය යුතු අතර, පණ්ඩිත් අමරදේශ ශූරීන් සිංහල භාෂාවෙන් පමණක් ගීත ගායනා කළ ද ජාතිවාදියෙකු නොවූ බව හෙතෙම පවසා තිබේ.

පණ්ඩිත් අමරදේවයන්ගේ දීර්ඝකාලීන සිහිනයක් අද යථාර්ථයක් බවට පත්වන බවත් එවන් කිරීමට ලැබීම සතුටට කරුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top