ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය දිවයිනට

කොළඹ දී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘‘සාමය, ප්‍රගතිය සහ සශ්‍රීකත්වය’’ යන තේමාව යටතේ මෙම දෙදින සමුළුව බ්‍රහස්පතින්දා(31) දින අරලියගහ මන්දිරයේදී ආරම්භ වන අතර, රටවල් 35ක නියෝජිතයන් ඊට සහභාගි වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමුළුවේ සුභාශිංසන පණිවුඩය ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම සීෂෙල්ස් හි උප ජනාධිපති වින්සන්ට් මෙරිටන්, ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ, සිංගප්පූරු විදේශ කටයුතු අමතිනී විවින් බාලක්‍රිෂ්නන් ද මෙහිදී දේශන පැවැත්වීමට නියමිත ය.

අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය යන රටවල නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම සමුළුවට සහභාගී වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top