ශ්‍රීලනිප පොල්ගහවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉවතට

මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබේ.

ඔහු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජනිස අපේක්ෂකයෙකු ලෙස තරඟවැදුණු අතර ඉන් පරාජයට පත්විය. ඉන් පසුව ඔහු කෙටි කලක් මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කළ නමුත් පසුව ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පලකරමින් ඔහු හා එක් විය.

කෙසේ නමුත් ඔහු මේ වනවිට නැවතත් මහින්ද රාජපක්ෂ පිල සමග කටයුතු කිරිමට පටන්ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top