වඩමරාච්චිය ප්‍රදේශයේදී වල් අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට – දෙදෙනෙකුට තුවාල

යාපනය,වඩමාරචිචි නැගෙනහිර මරුදන්කේනි ප‍්‍රදේශයේදී වල්අලි පහරදීමකින් ඊයේ (28) සවස පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

වල්අලි පහරදීමෙන් අනතුරුව වනජිවි නිළධාරීන්, පොලිස් නිළධාරීන්, යුධ හමුදා නිළධාරීන් හා ප‍්‍රදේශවාසීන් එක්ව වල්අලි එළවීම සිදුකොට මළ සිරුර සොයාගත් බව යාපනය පලෙයි පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ සිරුර යාපනය රෝහලේ තැන්පත් කොට ඇති අතර, තුවාලකරුවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top