බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව, 2009 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ හා කොලොම්බියාව තුළ යුද අපරාධ චෝදනා ගොනු කළ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය පවසයි.
රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
Add Comment