ශෂී වීරවංසගේ නඩුවට හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරාට නොතීසි

මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංස මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නිවාස ඇමතිව සිටි සමයේ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් කුඨ ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට අදාළ නඩුවේ සාක්ෂි විමසීම සඳහා හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතාට නොතීසි නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (29) කටයුතු කර තිබේ.

එම නඩුවට අදාළව ලබන ඔක්තෝබර 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මෙසේ ඔහුට නියෝග කර ඇත.

හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා මේ වනවිට රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top