SRILANKAN NEWS

කිලිනොච්චියේදී අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් පාගමනක්!

අතුරුදහන් කළවුන්ගේ ජාත්‍යන්තර දිනය වන අද දින කිලිනෛාච්චිය දිස්ත්‍රික්කයේදී ද අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පාගමන් හා විරෝධතාවක් පවත්වා තිබේ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට දින 198ක කාලයක් අඛණ්ඩව සත්‍යග්‍රහයක් පවත්වාගෙන යන අතර, අද දින එම ස්ථානයේ සිට ආරම්භ වූ විරෝධතා පාගමන කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා ගමන් කෙරුණි.

දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යල ඉදිරිපිට පැමිණි අතුරුදන්වූවන්ගේ ඥාතීන් තම ඥාතීන් පිළිබඳව ස්ථීර පිළිතුරක් ලබාදිය යුතු බවත්, ජනාධිපතිවරයාගේ පොරොන්දුව අසත්‍යවී ඇති බව ද පවසමින් විරෝධතාවයෙහි නිරතවූහ.

මෙම අවස්ථාවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් හිතවතුන්, සාමාජ ක්‍රියාකාරීන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන්, හිටපු උතුරු පලාත් අධ්‍යාපන ඇමැති කුරුකුලරාජා ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.