අතුරුදන්වූවන් සම්බන්‍ධයෙන් ජාත්‍යන්තරය රජයට බලපෑම් කළ යුතුයි – උතුරු පළාත් මහ ඇමැති..

අතුරුදන්වූවන් සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර රටවල් ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා තිබේ. අතුරුදහන් කළවුවන් සඳහා වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයකදී ඔහු මේ බව පවසා තිබේ.

අපි ලිඛිතව හා වාචිකව ඉල්ලිම් රැසක් ඉදිරිපත් කළ නමුත් රජය මෙතෙක් කිසිඳු යහපත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව හෙතෙම පවසා තිබේ.

තවද රජය ද යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ජාත්‍යන්තරයට පවසා තිබූ නමුත්, කිසිඳු ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර නොමැති හෙයින් ශ්‍රි ලංකා රජයට බලපෑම් එල්ල කළ යුතු යැයි ජාත්‍යන්තර රටවල් වෙත ඉල්ලා සිටින බව ද මහ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top