ඉන්දියාව – ශ්‍රී ලංකාව සිව්වන එක්දින තරඟය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින ක්‍රිකට් තරගය අද(31) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අද තරගය සඳහා දහසකට ආසන්න පොලිස් නිලධාරීන්ගෙන් යුතු විශේෂ ආරක්‍ෂාවක් යෙදවීමට තීරණය කර ඇති බව පැවැසේ.

ක්‍රීඩා පිටිය වෙත නොයෙකුත් ද්‍රව්‍ය විසිකිරීම සහ ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට අවතීර්ණ වීම සපුරා තහනම් වන අතර කලහාකාරී ලෙස හැසිරෙන සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

ඉන්දියාව සමඟ පැවැත්වෙන සිව් වන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ. මේ වන විටත් තරඟවාලිය 3-0 ලෙස ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top