ඉන්දීය සාගර සමුළුව අද ඇරඹෙයි

ශ්‍රි ලංකා රජයේ පුර්ණ අනුග්‍රහය ඇතිව ”ඉන්දීය සාගර කලාපයේ සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍ය” තේමාව මුල් කරගනිමින් ඉන්දීය පදනම සංවිධානය විසින් පවත්වනු ලබන ඉන්දීය සාගර සමුළුව අද (31) දින අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

මෙම සමුළුව අද සහ හෙට යන දිනයන් වල පැවැත්වෙන අතර පළමු සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර අවසන් සැසියේ ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව අද පස්වරු 6.00 ට සැසිය ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා චීනය, ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය ඇතුළු ප්‍රධාන පෙලේ රටවල් රැසක් සහභාගී වීමට නියමිතය.

මෙම සමුළුවට සහභාගීවීම සඳහා දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත අමෙරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ද ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා ය.

ඇලිස් වෙල්ස් මහත්මිය ඉන්දීය සාගර සමුළුව ඇමතීමට ද නියමිත වන අතර ඉන්දීය විදේශ ලේකම් එස්. ජයශංකර් මහතා ද ඊයේ දිවයිනට පැමිණියේ සමුළුවට සහභාගී වීමට ය.

මීට අමතරව ඉන්දීය විදේශ අමාත්‍ය, සුෂ්මා ස්වරාජ් හා සිංගප්පුරු විදේශ අමාත්‍ය, විවියන් බාලක්‍රිෂ්නන් යන මහත්ම මහත්මීන් ඇතුළු විදෙස් නියෝජිතයින් පිරිසක් ඊට සහභාගි වීම සඳහා අද දිවයිනට පැමිණීමට නියමිත වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top