නවෙස්ටා ෆාමසියුටිකල්ස් නව කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ..

දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් නවෙස්ටා ෆාමසියුටිකල්ස් ප්‍රතිජීවක එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ හොරණදී විවෘත කෙරිණි.

නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම විසින් රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් සිදුකරමින් මෙම කර්මාන්ත ශාලාව ඉදි කර තිබේ.

මෙම නවතම ඖෂධ නිෂ්පාදනාගාරය, වාර්ෂිකව ආසන්න වශයෙන් ඖෂධ කුප්පි මිලියන 50ක් රජයේ සෞඛ්‍ය අංශයට ලබාදීමට නියමිත අතර එමගින් විදේශයට ඇදීයන අතිවිශාල මුදලක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම ජෛව රසායන, ඖෂධවිද්‍යාව, අණුක ජීව විද්‍යාව ආදී ඖෂධ නිෂ්පාදනයට අදාළ ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහිත ලාංකිකයින්ට රැකියා අවස්ථා උත්පාදනය කිරීමද මෙමගින් සිදු කෙරේ.

අභිනව කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම ඖෂධ නිෂ්පාදන කට්ටලය නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, නවෙස්ටා ෆාමසියුටිකල්ස් පුද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top