යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා – හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය

තමන්ට එල්ල වන යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි.

මානුෂීය මෙහෙයුම සමයේදී උතුරේ ආඥාපතිවරයා ලෙස තමන් භට කණ්ඩායම්වලට ඍජුව අණ දීමක් සිදුකර නොමැති බව ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සදහන් කළේය.

බ්‍රසීලයේ හිටපු තානාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව මානව හිමිකම් සංවිධානය විසින් මෙම චෝදනා එල්ල කර තිබේ.

රෝහල්වලට පහරදීම, සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම සහ වද බන්ධනයට ලක් කිරීම සදහා ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් නියෝග කර ඇති බවට එම මානව හිමිකම් සංවිධානය චෝදනා එල්ල කර ඇති බවට වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top