ශ්‍රීලනිප 66 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය අද පස්වරු 2.30 ට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. “ජනබලය හරි අතට” යන තේමාව යටතේ පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර සංවත්සරය පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය වෙනුවෙන් රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා නිලධාරීන් 700 ක් පමණ යොදවා තිබෙන අතර, බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.

ඒ අනුව පෙරවරු 11.00 සිට බේස්ලයින් මාර්ගයේ ඉන්ද්‍රම් හන්දියේ සිට බොරැල්ල මංසන්ධිය දක්වා වූ මාර්ගයේ රථවාහන ධාවනය සීමා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top