අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නාය යෑමේ අනතුරු ඇඟවීමක්..

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක කහිපයකට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දිස්ත‍්‍රික්ක 03කට නාය යැමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව, කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත‍්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙලෙස අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. වර්ෂාව තවදුරටත් පැවතියහොත් බෑවුම් කඩා වැටිම්, පොළොව ගිලා බැසීම් සහ ගල් පෙරළිම් වැනි තත්ත්වයන් ඇති විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top