මහරගම ප්‍රදේශයේ සිඳුවූ අනතුරකින් සිසුන් 19ක් තුවාල

මහරගම – නාවින්න ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් සිසුන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

තලංගම ප්‍රදේශයේ පැවති වැඩමුළුවකට සහභාගී වූ විශ්වවිද්‍යාය සිසුන් 65 දෙනෙකු රැගත් එම බස් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබු සිසුන් 19 දෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවු එක් සිසුවෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top