නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වසර තුළ පාර්ලිමෙන්තුවදී සම්මත කළ යුතුයි – සම්බන්‍ධන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වසර අවසන්වීමට පෙර පාර්ලිමෙන්තුවේදී සම්මත කර, ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු යැයි ආර්. සම්බන්‍ධන් මහතා ඉන්දිය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය වෙත පවසා තිබේ.

ඉන්දිය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා හමුවූ අවස්ථාවේ මේ බව පවසා තිබේ.

එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු පැහැදිළි කළ සම්බන්‍ධන් මහතා, නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට වැඩි වැදගත්කමක් ලබාදිය යුතු බවත්, එය තවඳුරටත් ප්‍රමාද නොකළ යුතු බවද අවධාරණය කර තිබේ.

අදාළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වසර අවසන්වීමට පෙර පාර්ලිමෙන්තුවේදී සම්මත කර එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු බවත්, ශ්‍රී ලංකා රජය රටේ ජනතාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් පොරොන්දුවලට අනුව මෙම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට ඉන්දිය රජය ද ඉදිරිපත්විය යුතු යැයි සම්බන්‍ධන් මහතා එහිදී ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top