උසස් පෙළ රසායන විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රය පිට කළ සිසුවා ඇතුලු තිදෙනෙකුට ඇප

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාල විභාග වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිසුවා ඇතුලු තුන් දෙනෙකුට ඇප නියම කර තිබේ. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප ලබාදී තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් උසස් පෙළ සිසුවා, සිසුවාගේ පියා සහ උපකාරක පන්තිගුරුවරයාගේ පියාට අධිකරණය විසින් රුපියල් 10000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහොස්ත්‍රාත්වරයා නියම කළේ ය.

තවද ටියුෂන් ගුරුවරයා සහ ඔහුගේ සහෝදරයා ලබන 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top