SRILANKAN NEWS

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි – උදය ගම්මන්පිල

හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගතයුතු බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කර සිටියි. අද (04) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා යුද අපරාධ සිදු කරන ලදැයි තමන් දන්නා බව පැවසීම තුළින්ම වසර 8 ක් පුරා යුද අපරාධ වසන් කර අැති අතර දණ්ඩ නීති සංග්‍රහයේ සදහන්ව අැති රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත යුතුව අැති බව උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

සුදු කොඩි සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කර මුල්වරට බෙඳුම්වාදීන් හට රට පාවාදුන් සරත් ෆොන්සේකා මහතා ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් යළිත් රට පවා දීමට කටයුතු කර අැති බවත් 2010 දී ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ මන්ඇයි විමසා සිටි ජනතාවට, ඔහු නිදහස් කළේ මන්දැයි විමසා සිටීමට සිදුව අැති බව ද ගම්මන්පිල මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටින ලදී.