බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ නිල කාලය අවසන්

බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ නිල කාලය ඊයේ (03) අවසන් වන බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පවසයි.

කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සහ පෙත්සම් කිහිපයක විමර්ශන අවසන් නොමැති හෙයින් එම කටයුතු අවසන්කර ගැනීමට නිල කාලය තවත් මාස 06කින් දීර්ඝ කරන ලෙසට ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද ලේකම්වරයා කියයි.

2015 වසරේ පිහිටවනු ලැබු මෙම කොමිසමට පැමිණිලි 2000ක ප‍්‍රමාණයක් ලැබී ඇති බවත් ඉන් බරපතල වංචා විෂය පථයට අදාළ සිද්ධීන් 401ක විමර්ශන ආරම්භ කර ඇති බවත් ලේකම්වරයා කියයි. මීය පෙර ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී කොමිසමේ ධුර කාලය දීර්ඝ කරනු ලැබ තිබුණි.

මින් පැමිණිලි 17ක විමර්ශන අවසන් කර වාර්තා ජනපතිවරයා වෙත බාරදී ඇති බවත් විමර්ශන අවසන් තවත් පැමිණිලි 17ක වාර්තා සකස්කරමින් පවතින බවත් කොමිසම් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top