එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් කෝලිට පළමු තැන

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් පිතිකරණ අංශයෙන් පළමු ස්ථානයට පැමිණීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්වී ඇත.

ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගාවලියේදී ඉන්දීය නායක විරාත් කෝලි ලකුණු 330ක් රැස් කරන ලදි.

ඉනිම පහේදී ඔහු ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව හේතුවෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානයට පැමිණීමට හැකිව ලැබී ඇත. 1998 වසරේදී සුපිරි ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කා ලබා ගත් ප්‍රසාද ලකුණු 887 සම කිරීමට කෝලි සමත් විය.

එමෙන්ම තරගාවලියේදී ඉන්දීය පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා මත ඔවුන් බොහෝ දෙනෙකුද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. බුම්රා පන්දු යවන්නන් අතර හතර වන ස්ථානයට පැමිණ ඇත්තේ ස්ථාන 27ක් ඉදිරියට පැමිණෙමින්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top