පොළොන්නරුවට බලපෑ තද සුළඟකින් නිවාස 170කට පමණ හානි

අද සහ හෙට යන දෙදින තුළ කොළඹ, කළුතර, මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්මවන වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල ඇතුළ ඒ අවට ප්‍රදේශවලට බලපෑ තද සුළඟකින් නිවාස 170කට පමණ හානි සිදුව තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් නාය යෑම් පිළිබඳවද ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top