දුරකථන සංවාද මකාදැමු බව පර්පචුවල් සමාගම පිලිගනී.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පළිසේන හානි දායක දුරකථන සංවාද කිහිපයක් මකා දැමීමට තමන්ට උපදෙස් ලබා දුන් බව එහි ප්‍රධාන අළෙවිකරු වන නුවන් සල්ගාදු මහතා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (04) ප්‍රකාශ කළා.

මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා ඉන් ලබාගත් දුරකතන ඇමතුම් දත්ත සීයයකට අධික ප්‍රමාණයක් මකා දමා සකස් කළ සංයුක්ත තැටියක් කොමිසමට ඉදිරිපත් කළ බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක සචින් මධුශංක දේවතන්ත්‍රී මහතාද ඊයේ (04) බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන ගැනුම්කරු වන කසුන් පළිසේන යන මහත්වරුන්ගේ දැනුම් දීම් අනුව දුරකතන ඇමතුම් දත්ත මකා දැමු බවද දේවතන්ත්‍රී මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top