ඇමැති රාජිත සේනාරත්න මාලදිවයිනට..

දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (5) දින මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සැසි වාරයේ සභාපතීත්වය හොබවන්නේ ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතාවීම විශේෂත්වයකි.

මේ අතර, මෙම සැසි වාරයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ද පැවැත්වෙනු ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top