SRILANKAN NEWS

ඌරනි පාසල ජනතා නියෝජිතයන් වෙත භාර දෙයි..

යාපනය වලිගාමම් උතුර ආරක්‍ෂක කලාපය තුළ පිහිටි ඌරනි පාසල ඊයේ (4) දින නිදහස් කළ අතර, අද දින ඉකුත් පාසල ජනතා නියෝජිතයන් වෙත භාරදී තිබේ. ඊයේ දින හමුදා විසින් යාපනකය දිස්ත්‍රික්ක අතිරේක දිසාපති එස්. මුරලිදරන් මහතා වෙත ඉකුත් ඉඩම භාරදී තිබුණි.

පසුගිය වසර 27ක කාලයක් හමුදාව යටතේ පැවැති ඌරනි ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කර ඇති තත්වයක ජනතාව එම ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණෙමින් සිටිති.මෙලෙස නැවැත පදිංචි වූ ජනතාව තම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා ඌරනි කණිෂ්ඨ විද්‍යාලය නිදහස් කර දෙන්නැයි ඉල්ලා තිබුණි. මෙවැනි තත්වයකදී ඉකුත් පාසල පිහිටා ඇති ඉඩම හමුදා නිදහස් කර තිබීම විශේෂත්වයකි.