ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ගවුරි ලංකේෂ් ඝාතනය කෙරේ

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වෙඩි තබා ඝාතනය කර තිබේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් මෙන් ම සමාජ ක්‍රියාකාරිණියක ලෙස ප්‍රසිද්ධ ගවුරි ලංකේෂ් ඝාතනය කර තිබුණේ, බැංගලෝර්හි පිහිටි ඇයගේ නිවසේදී ය.

නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙකු ඇයට වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තාවේ. 55 හැවිරිදි ගවුරි ලංකේෂ් දකුණු ඉන්දියාවේ විකල්ප දේශපාලන සඟරාවක ප්‍රධාන ප්‍රවෘත්ති කතෘවරිය ලෙස කටයුතු කළා ය. ඇය හින්දු ආගම්වාදයට එරෙහිව දැඩිය විරෝධය පළ කළ කතෘවරියකි.

පසුගිය වසරේ අපහාස නඩුවකට අදාළව ඇය වැරදිකරු බවට ද පත්ව මාස 6ක සිර දඬුවම් නියම වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පළ කළ ප්‍රවෘත්ති කිහිපයක් හේතුවෙනි.

කර්නාටක ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු ඇමති රාමලිංගා රෙඩි පවසන්නේ ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බව ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top