ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) රාත්‍රී 7ට පැවැත්වේ. කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී තරගය පැවැත්වෙනු ඇත.

අද තරගය පැවැත්වෙන ආර් පේ‍්‍රමදාස පිටියේ ශී‍්‍ර ලංකාව සහභාගි වූ පසුගිය තරග 13 න් ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 2 ක් පමණි. ඉන්දියාව තරග 6 ක් කී‍්‍රඩා කර ඉන් 5 ක්ම ජයගෙන තිබේ.

නවතම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව පස්වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව පසුවන්නේ 8 වන ස්ථානයේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top