SRILANKAN NEWS

යාපනය බලකොටුවට හමුදාව යැවීමේ කටයුත්ත සිඳු නොකළ යුතුයි – ඩග්ලස්

පෞරාණික හා එයිහාසික නටඹුන් රැසකින් සමන්විත යාපනය බලකොටුවේහි හමුදා ස්ථා ගතවීමේ කටයුත්ත සිඳු නොකළ යුතු යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

උතුර නැගෙනහිර පළාත්වල හමුදාව ස්ථා ගත කළ යුත්තේ එම දිස්ත්‍රික්කවල පවතින ජනගහනයට හා ජන වාර්ගිකත්වයට අනුව බව හෙතෙම පෙන්වාදී තිබේ. එම හමුදා ස්ථානගතව සිටින ඉඩම්, අප ජනතාවගේ ජීවනෝපාය සම්පත් ඇති ආර්ථික වටිනාකමින් යුත් ඉඩම් නොවිය යුතු බවද හෙතෙම පවසා තිබේ.

යාපනය බලකොටුව අදට දේශ් විදේශ් සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්වී තිබේ. මෙවැනි තත්වයකදී යාපනය බලකොටුවට හමුදාව යැවීම තමන්ට අනුමත කළ නොහැකි බව ද ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා තිබේ.