මියන්මාර මිලේච්ඡත්වය සම්බන්‍ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන එ.ජා. සහ ජාත්‍යන්තරය ලැජ්ජාවට පත්විය යුතුයි

මියන්මාරයේ පවතින මිලේච්ඡත්වයට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රටවල් ලැජ්ජාවට පත්විය යුතු යැයි නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පවසයි.

මියන්මාරයේ කුඩා දරුවන් ඝාතනයට ලක්වන විට, ගැබිණි මව්වරුන්ව දූෂණය කර කුරීරු ලෙස ඝාතනය කරන විට එය බලාගෙන සිටීම, ඇස් ඉදිරිපිට මනුෂ්යත්වය වළදැමීම රස විඳමින් බලාගෙන සිටීමට සමාන බව හෙතෙම පවසා තිබේ.

ලොව මානව හිමිකම් ගැන කතා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රටවල් මියන්මාරයේ සිද්ධිය ගැන නිහඞව සිටීම එයිතිහාසික ද්‍රෝහිකමක් වන අතර, සාමය සඳහා නොබෙල් තෑග්‍ය ලබා මියන්මාර රාජ්‍ය පාලනයේ සිටින ආං සා සූකි ද මේ සම්බන්‍ධයෙන් නිහඩතාවයක් අනුගමනය කිරීම සැකයට කරුණක්වී ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top