මැල්සිරිපුර ප‍්‍රදේශයේදි බස් රථ දෙකක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරින් 14ක් තුවාල

දඹුල්ල – කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේ ප‍්‍රදේශයේදි බස් රථ දෙකක් හා වෑන් රථයක් අද (09) අලුයම එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් 14 දනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි වාර්තාවේ.

පෙර පාසල් ළමුන් රැගෙන කැකිරාවේ සිට චාරිකාවක් සදහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්, කොළඹ සිට පොළොන්නරුව බලා ධාවනය වන මගී ප්‍රවාහන බස් රථයක් සහ කන්තලේ සිට කොළඹට රෝගියකු රැගෙන යමින් තිබු වෑන් රථයක් මෙලෙස එකිනෙක ගැටී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූවන් අතර පෙර පාසල් ළමුන් තිදෙනෙකු ද සිටින බවත්, තුවාල ලැබූවන් අතර තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රොහල් ආරංචි මාර්ග පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top