ඇතුමල්පිටියේ සිඳුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

පොලොන්නරුව – හිඟුරක්ගොඩ මාර්ගයේ සිඳුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අද (09) අලුයම පොලොන්නරුව සිට හිඟුරක්ගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඇතුමල්පිටියේදී වාහනයක ගැටී යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි.

අනතුර සිඳුකළ වාහනය පළාගොස් ඇති බවත්, සිද්ධියට සම්බන්‍ධ වාහනයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වූ විමර්ශණ කටයුතු පොලිසිය විසින් ආරම්භ කර ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top