පොලිසියේ 2599කට උසස්වීම්

2016.05.31සිට බලපැවැත්වෙන පරිදි පොලිස් නිලධාරීන් 2599කට උසස්වීම් ලබාදීමට කටයුතු කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වා නිලධාරීන් 2075ක්, පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුර දක්වා නිලධාරීන් 292ක්, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක දක්වා තනතුරු 189ක්, කාන්තා පොලිස් සැරයන් තනතුරේ සිට කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරිනියන් 34ක්, පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට ප්‍රවාහන උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරීන් 09දෙනෙකු සඳහා මෙලෙස උසස්වීම් ලබා දී ඇත.

මීට අමතර ව පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 177කට ද පොලිස්පතිතුමා විසින් උසස් වීම් ලබාදී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top