දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු ගැන මහා නායක හිමියන් වෙත උතුරු පළාත් මහ ඇමැති කරුණු ඉදිරිපත් කරයි..

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් අතර අද (09) පෙරවරුවේ සාකච්ඡා හමුවක් පවත්වා තිබේ. එහිදී වැදගත් කරුණු රැසක් සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බව පැවැසේ.

ඉකුත් හමුව ගැන අදහස් ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා, උතුරු පළාත සම්බන්‍ධයෙන් දකුණේ ජනතාව අතර වැරදි මතයක් ඇති වී තිබෙන බවත්, මේ සම්බන්‍ධයෙන් මහා නායක හිමියන් වෙත කරුණු පැහැදිළි කළ බව පවසා තිබේ.

මේ අතර, උතුරු පළාත් මහ ඇමැතිවරයා පල්ලේකැලේ බන්‍ධනාගාරයේ රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් හමුවීමට ද නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top