කිලිනොච්චියේ වෙළඳසැලක ඇතිවූ ගින්නකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

කිලිනොච්චිය, කන්නගි නගර් ප‍්‍රදේශයේ වෙළෙඳසැලක ඊයේ(09) රාත‍්‍රියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පවසයි.

ගින්නෙන් රමේෂ්කුමාර් සුජිත් නමැති වයස අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගින්නෙන් බරපතල තුවාල ලැබු දරුවාගේ පියා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් වෙළඳසැලට ප්‍රෙටල් දමා ගිනි තබා ඇති බවට විපතට පත්වූ පවුලේ ඥාතීන් පවසති. සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ගින්න හට ගැනීමෙන් අනතුරුව ප‍්‍රදේශවාසීන්, පොලිස් නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර, වෙළඳසැලේ තිබූ ආරක්‍ෂක කැමරා සටහන් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top