ජනාධිපති මෛත්‍රීපාල ලබන 16වනදා ජිනීවා යයි

එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 16 වනදා ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා එළඹෙන 19 වනදා සිට සැසිවාරයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ (12) අමෙරිකාවේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භවීමට නියමිත අතර ලබන 25වනදා දක්වා සැසිවාරය පැවැත්වේ.

මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව ලෙස “ජනතාව කෙරෙහි අවධානය යොමුකිරීම, තිරසර ලෝකයක සැමට සාමය සහ සාරවත් ජීවිතයක් යන්න“ නම් කර තිබේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන තෙවන අවස්ථාව මෙය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top