සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සභාපති එස්. ඒ. පී. සූරියප්පෙරුම

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇති බව වාර්තාවේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇති ඒ මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක කටයුතු කර තිබේ.

සේන සූරියප්පෙරුම මහතා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ විශලේෂණය කිරීමේ නියළුණු අතර ජාතික පුවත්පත් කිහිපයකට ව්‍යාපාර, මූල්‍ය හා සංවර්ධන කටයුතු සම්බන්ධ තීරු ලිපි ලේඛකයෙකු වන අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “සතියේ ආර්ථික විමසුම” සංකල්පය ඉදිරිපත් කර දීර්ඝ කාලයක් එම වැඩසටහනට පවත්වාගෙන යාමට දායක වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top