මැලේසියාවේ පාසලක ගින්නකින් 25ක් ජීවිතක්‍ෂයට

මැලේසියාවේ පාසලක ඇති වූ ගින්නකින් සිසුන් ඇතුලු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර ආගමික පාසලක ගින්න හටගෙන ඇත. ඉන් සිසුන් 23 දෙනෙකු හා ගුරුවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් බොහෝ පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

පාසලේ නේවාසිකාගාරයේ නිදන කාමර ආශ්‍රිත ප්‍රදේශයෙන් ගින්න හටගෙන ඇති බව සදහන් ය. එය මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් යෙදවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top