යාපනය මාධ්‍යවේදියකුගේ නිවසට පැන රන් ආභරණ පවුම් 40ක් සොරාගනියි..

යාපනය, වැල්වෙටිතුරයි උඩුපිටි ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන රත්නම් දයාබරන්ගේ නිවසට ඊයේ (13 දා) දහවල් ඇතුළු වී ඇති නාඳුනන පුද්ගලයන් නිවසේ තිබූ පවුම් 40ක් වටිනාකමින් යුතු රන් බඩු පැහැරගෙන ගොස් තිබේ.

නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවේ සොරුන් නිවසට ඇතුළු වී නිවසේ තිබූ රන් ආභරණ සියල්ල සොරාගෙන ගොස් තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් වැල්වෙටිතුරයි පොලිසියට පැමිණිළි කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන නැති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top