‘දියකාවා යුධ අභ්‍යාසය’ මින්නේරියේ දී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශීෂ්ඨ බහුජාතික ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය ‘දියකාවා VIII – 2017’ අවසන් අධියරට ලඟාවත්ම ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දියකාවා යුධ පුහුණු අභ්‍යාස ක්‍රියාන්විත මුලස්ථානය පිහිටි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයට පැමිණියහ.

විශේෂ බලකාය, කමාන්ඩෝ රෙජිමේන්තුව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් යුධ අභ්‍යාසය පිළිබඳව යුද්ධ හමුදාධිපතිවරයා වෙත විස්තර ඉදිරිපත් කල අතර, ඊට ප්‍රථමයෙන් දියකාවා යුද්ධ අභ්‍යාස මෙහෙයුමේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් බ්‍රහස්පතින්දා (14) දිනට නියමිත ‘Critical Engagement’ නම් යුධ අභ්‍යාසය පිළිබඳව සවිස්තරාත්මක හැඳින්වීමක් ද යුද්ධ හමුදාධිපතිවරයා හමුවේ සිදුකරන ලදී.

මෙහිදි පැවති සාකච්ඡාවේදි, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම යුධ අභ්‍යාසයේ මීට පෙර අත්දැකීම් පිලිබඳවත් දැනට ක්‍රියාත්මකවෙමින් පවත්නා යුධ අභ්‍යාසයේ ප්‍රගතිය සඳහා අවශ්‍ය දෑ පිළිබඳවත් විමසා සිටියහ.

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සුරාජ් බන්සජායා විසින් පිළිගන්නා ලද අතර, සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් ද කඳවුර දොරටුව අභියස දී යුද්ධ හමුදාධිපති වෙනුවෙන් පිරිනමනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා දියකාවා යුධ පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජි.වි. රවිප්‍රිය, විශේෂ බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.පි. රණසිංහ, අනෙකුත් නියෝජ්‍ය / අතිරේක අභ්‍යාස අධ්‍යක්ෂකවරු සහ අභ්‍යාසය සඳහා සහභාගීවන අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

army.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top