හෙරෝයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් ග්‍රෑන්පාස් 75 වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 14කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්පාස් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන සැකකරු සතුව තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් රුපියල් හාරලක්ෂ හතලිස් හතරදහසක මුදලක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොල අසළ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 40ක් සමග තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top