සයිටම් ආයතනට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවයි..

සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ. සයිටම් ගැටලුව විසඳීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබුණි. අදාළ කමිටු වාර්තාව පසුගිය 11 වනදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ද තිබුණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාලවවෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්, වෛද්‍ය වෘත්තිකයින්, ආචාර්ය සංගම්, දෙමාපිය නියෝජිතයින් හා සයිටම් කළමනාකරණ නියෝජිතයින් ආදී පාර්ශව සමග මෙම කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ කරුණු අනුව සයිටම් ආයතනයට වෛද්‍ය උපාධි වැඩසටහන් සඳහා සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට මෙම කමිටුව නිර්දේශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top