SRILANKAN NEWS

රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවත්‍ෂයට – එක් අයෙකු චීන ජාතිකයෙක්..

හරබන දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ලොජ් හන්දිය අසලදී පාර හරහා මාරුවීමට උත්සාහ දැරූ චීන ජාතිකයන් දෙනෙකු බස්රථයක හා ලොරි රථයක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් එක් චීන ජාතිකයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හබරන නගරයට පැමිණි මොවුන් දෙදෙනා යලි සංචාරක හෝටලය වෙත පැමිනෙමින් සිටියදී මෙම අනතුර සිඳුව ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් චීන ජාතිකයා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

මේ අතර, කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේ සමාධිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී ඇති අතර අනතුරුව ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු, ටිපර් රථ රියදුරු හා එහි ගමන්ගත් තවත් අයෙකුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.