මේ රටේ, ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වි සිටින ජනතාවක් සිටින්නේ වතුකරයේ බවත් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමට වතුකරයේ වෘත්තිය සමිති සමග එක්ව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාජධක්රිෂ්ණන් මහතා ඇතුළු නායකන්ගේ ප්‍රධානත්වයෙන්, කොටගල හින්දු සංස්කෘතික ශාලාවේදී පැවති කඳුරට ජනතා පෙරමුණේ තරුණ අංශය වන කම්කරු තරුණ පෙරමුණේ මහා සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අනුර කුමාර මහතා මේ බව පවසා තිබේ. එහිදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ..
“අපේ රට බහු ජාතික රටක් සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ප්‍රධාන ජන කොට්ඨාසයන් තුණක් ජීවත් වෙනවා. එහෙනම මේ රටේ සමගිය හදන්න පුළුවන් වෙන්නේ මොකක් වුනොත් විතරක්ද? සියලු ජන කොට්ඨාෂයන්ගේ සම අයිතිය සාධාරණ ලෙස පිළි ගැනීමෙන් විතරයි. සිංහල ජාතිවාදය පරාජය කරන්න බැහැ දෙමළ ජාතිවාදයෙන්, දෙමළ ජාතිවාදය පරාජය කරන්න බැහැ සිංහ ජාතිවාදයෙන්. ජාතිවාදය පරාජය කළ හැකි වන්නේ ජාතික සමගිය ගොඩනැගීමෙන් විතරයි.
ජාතික සමගිය ගොඩනැගීම සඳහා බාධාවන් කිහිපයක් මතුවෙලා තිබෙනවා. දැන් ව්‍යවස්ථාව ගැන කතා කරනවා. ව්‍යවස්ථාව කෙරෙයිද නැද්ද කියන සැකය මතුවෙලා තිබෙනවා. 21වෙනිදා පාර්ලිමේන්තුවට, දැනට මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා වෙමින් තිබුණු අන්තර් වාර්තාවක් ඉදිරිපත් කරනවා. සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත වීම මෙම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි. ව්‍යවස්ථාව ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි. මේ ව්‍යවස්ථාව ඇතුළත් ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි. ඒකට අපිට පොදු එකඟතාවයකට ඒමට හැකියාවක් තිබුනොත් ව්‍යවස්ථාව සම්මත කරගන්න පුළුවන්.
හැබැයි අපි දන්නවා මෙවැනි ව්යවස්ථාවනකට එරෙහිව උතුරේ වගේම දකුනෙත් ජාතිවාදය පෝෂණය වෙන්න පුළුවන්. උතුරෙන් පැනනගින්න පුළුවන් මොනවද මේ තියෙන්නේ කියලා. දකුණෙන් පැණනගින්න පුළුවන් මෙච්චර දෙනවද? කියලා. බලගතු ව්‍යවස්ථාවක් සකස් කරගන්න හම්බවුනොත් ඒ ව්‍යවස්ථාව මේ රටේ සම්මත කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ පාර්ශවයෙන් ගතහැකි සියළු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්.” යනුවෙන් පැවසීය.”
Add Comment