පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර අධිකරණයට ඉදිරිපත් වෙයි

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පනවා ඇති නඩුව අද (18) විභාගයට ගත් අවස්ථාවේ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා අධිකරණ හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද වරෙන්තු නිකුත් කර තිබුණි.

අනතුරුව, වීරකුමාර දිසානායක මහතා නීතීඥයෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top