බිංගිරිය, බක්මුරුප්පුව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ ඔහු සමග ගමන්ගත් තවත් තරුණයෙකු හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තාවේ. බිංගිරිය, වැල්ලරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්‍ෂයට පත්වී ඇති බව පැවැසේ.