අහංගම ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 05කට තුවාල

අහංගම, පැලැස්සගම ප්‍රදේශයේ ඉදිකරමිනි පැවැති ගොඩනැගිල්ලක් අද(18) පෙරවරු 09.45ට පමණ කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 05දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

තවත් පුද්ගලයෙකු ගොඩනැගිල්ලට යටවී ඇති අතර පොලිසිය හා ප්‍රදේශවාසීන් සෙවීමේ කටයුතු සිදු කරමින් පවතී. අහංගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top