කිලිනොච්චියේ කඩුවලින් සිදුකළ පහරදීමකින් සිව් දෙනෙකු රෝහලට

කිලිනොච්චියදී ඊයේ (17) පස්වරුවේ තියුණු ආයුධවලින් කපා පහරදීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ සිව් දෙනෙකු රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කර තිබේ. කිලිනොච්චිය පරන්දන් ප්‍රදේශයේ නේවාසිකාගාරයක පසුපස පිහිටි සිව්වන පටු මාර්ගයේදී මෙම සිද්ධිය සිඳුව තිබේ.

ඉකුත් නේවාසිකාගාරයේ තරුණයන් දෙදෙනෙකු මත්පැන් පානය කරන අතරතුර ඇතිවූ බැහින්බස්වීමක් දුරදිග යෑමෙන් එය දෙපිරිසක් අතර කඩුවලින් කපා පහරදීමේ ගැටුමක් බවට පත්වී තිබේ. සිද්ධියෙන් කැපුම් තුවාල ලැබුවන් රෝහලට ඇතුලත් කර ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top